colombotimes.lk
සිංහල | English

19 May 2024

ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට



ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ.   

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
(colombotimes.lk)