02 April 2025


මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් නිල නිවේදනයක්



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4වනදා සිට 6වනදා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි.

එහිදී දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.  

(colombotimes.lk)