ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පාර්සලයක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය වත්තල පිහිටි ගබඩාවක තිබියදී රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය තොගය තුළ මෙතම්ෆෙටමීන් කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 694ක් සහ කොකේන් ග්‍රෑම් 5ක් තිබූ බවයි.
එම පාර්සලයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 68කට ආසන්න වන බව රේගුව විසින් සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.