12 May 2025


පාකිස්ථානය සහ ඉන්දියාව අතර එකඟතාවයක්



ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ඒ 'Truth Social' සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු ඉන්දියාව සහ පාකිස්ථානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බව එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.

ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.

(colombotimes.lk)