06 February 2026

logo

හෙටත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි



හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)