සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව අද (25) කතානායකවරයාට භාරදී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ රජය ගෙනආ මෙම යෝජනාවට සමගි ජන බලවේගය පූර්ණ සහය දක්වන බවයි.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සජබ පළමුවරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ පසුගිය රජය සමයේදී බවත් එම අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.