හිටපු ආපදා කළමනාකරණ අමාත්‍යවරයෙක් වන ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් 4වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අදාළ පෙත්සම අද (02) එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මඟින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් ඒ. එච්. එම්. ෆවුසි මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.