25 March 2025


වාහන ගෙන්වීම ගැන කෝපා කමිටුවේදී ප්‍රබල අනාවරණයක්



ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන රැසක් මෙරටට ගෙන්වා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අනාවරණය වුණේ බලපත්‍ර මත වාහන ගෙන්වීමේදී තොරතුරු වෙනස් කර ලියාපදිංචි කරමින් මෙලෙස වාහන ගෙන්වා ඇති බවයි.

එමෙන්ම ටැක්ටර් රථ ගෙන්වන මුවාවෙන් මර්සිඩීස් බෙන්ස් රථ ගෙන්වා ඇති බවද එහිදී හෙළිවී තිබෙනවා.

(colombotimes.lk)