colombotimes.lk
සිංහල | English

04 May 2024

ජනපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම ගැන එජාපයේ තීරණය මෙන්න



ජනාධිපතිවරණය 2024 ලබන සැප්තැම්බර් මාසයේදී පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයට එළඹ තිබෙනවා. 

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමටයි එම කමිටුවේදී තීරණය කර ඇත්තේ.
 
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේ ,රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා සහයෝගය දක්වන ඕනෑම පාර්ශ්වයකට ජනාධිපතිවරණයේ ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය හැකි බවයි.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එජාප කළමනාකරණ කමිටුව පැවැත්වුණා. 
(colombotimes.lk)