30 March 2025


යෝෂිත මැදිවූ ගැටුමේ 4ක් රිමාන්ඩ්



කොළඹ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් 4දෙනෙක් අප්‍රේල් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ එම සැකකරුවන් අද (27) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ (26) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාරවූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගියදා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක්ද ලබා දුන්නා.

(colombotimes.lk)