තමාගේ ආහාර වේල නිවසින් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කර තිබෙනවා.
සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පිටතින් ආහාර ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට සිරකරුවන්ට අයිතියක් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2023 වසරේදී වැලිගම හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
(colombotimes.lk)