නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් තමන්ට දිනකට ලිපි 1,000ක් පමණ ලැබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අනාවරණය කළා.
ඒ කොළොන්නාවේ පැවති මහජන රැස්වීමකදීයි.
එම ගැටලුවලින් 900ක් පමණ ගම් මට්ටමින් විසඳිය හැකි බවත් පළාත් පාලන ආයතන සහ නගර සභා නිසි ලෙස ස්ථාපිත කළහොත් එවැනි ගැටලු විසඳීමට පහසු බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.