19 March 2025


රජයට අයත් වාණිජමය නොවන ආයතන ගැන සමාලෝචනයක්



රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි.

එම කමිටුව විසින් ආයතන 160ක් සමාලෝචනය කර ඇති අතර ඉන් විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන 36ක් සමාලෝචනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුවක සහය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එම ආයතන හැර ඉතිරි ආයතන 124 කාණ්ඩ 09ක් යටතේ වර්ගීකරණය කරමින් කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)