19 March 2025


ජනහිතකාමී සමාජයක් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක්



රුහුණු විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය විසින් සම්පාදනය කළ ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

මෙම මාර්ගෝපදේශ මාලාව 'අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු' යන තේමාව යටතේ සම්පාදනය කර තිබෙනවා.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් මහජනතාවට සේවාව සැපයීම, නව ආකල්ප  සංවර්ධනය කිරීම, පොදු ප්‍රවාහනය ඇතුළු තෝරාගත් සුවිශේෂ අංශයන් තුළ සිදුවිය යුතු වෙනස්කම් මෙම යෝජනාවලියට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)