වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන බවයි.
ඒ අනුව මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම හේතුවෙන් ආහාර හා ජලය මඟින් බෝවන රෝග වැළඳීම සිදු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමට කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළා.
(colombotimes.lk)