ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (03) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.37ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.71ක් ලෙසයි.
ඩොලරයේ ගැනුම් මිල ඊයේ (02) රුපියල් 295.35ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 303.74ක් ලෙස සටහන් වුණා.