04 June 2025


COVID -19 වෛරසයේ වර්තමාන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක්



ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින්.

එහි සඳහන් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව මෙම වසරේ පෙබරවාරී මාසයේ සිට කොවිඩ් වෛරසය ඇති කරන SARS-CoV-2  වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් වාර්තා වී ඇති බවයි. 

SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාසවලට භාජනය වීම සාමාන්‍ය තත්වයක් බවත් දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදී ද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

එමෙන්ම එම ප්‍රභේදය ශ්‍රි ලංකාවේද 2024 වර්ෂයේදී නිරීක්ෂණය වූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය මඟින් දැනුම්දී තිබෙනවා. 


(colombotimes.lk)