18 April 2025


විශේෂ විභාගයකට දින නියම වෙයි



වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ (2024) තරග විභාගය පැවැත්වීමට දින නියම වී තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමික එච්. ගමගේ සඳහන් කළේ එම විභාගය අප්‍රේල් 27වනදා පැවැත්වීමට නියමිත බවයි.

මේ වන විට ඉල්ලුම් කළ සුදුසුකම් ලත් අයදුම්කරුවන් වෙත අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම විභාගය සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 600කට අධික සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  www.health.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකියි. 

(colombotimes.lk)