ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
2019 ජනාධිපතිවරණයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමාගේ හදිසි සහ පැහැදිලි කළ නොහැකි ස්ථාන මාරුව සම්බන්ධයෙන් එමඟින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථාන මාරුව සංවිධානය කර ඇති ආකාරය දේශපාලන මැදිහත්වීම් සහ ආයතනික සම්මුතිය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන බවද එම ලිපිය මඟින් සඳහන් කර තිබෙනවා.