සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 13 සහ 14 යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව එම දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙක්ට ප්‍රමාණවත් වන පරිදී ලබාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා.