colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ඡන්ද දායකයන්ට පොලීසියෙන් දැනුම්දීමක්



ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී ඡන්ද දායකයන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ඡන්දය සලකුණු කිරීමට පැමිණෙන පුද්ගලයන් වාහනයකින් පැමිණෙන්නේ නම් එය මධ්‍යස්ථානයට බාධාවක් නොවන පරිදි ගාල් කර තබන ලෙසයි.

ආබාධිත පුද්ගලයින් රැගෙන එන, කළින් අවසර ලබාගත් වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  

එමෙන්ම අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානවලට නොපැමිණෙන ලෙසත්, ඡංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)