colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ලෙබනනයේ ගුවන්තොටුපොළක් තුළ පේජර් සහ වෝකීටෝකි යන්ත්‍ර භාවිතය තහනම් වෙයි



දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකිටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඟහරුවාදා සිදුවූ පේජර් පිපිරීමෙන් 12 දෙනෙක් මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවයි.

එමෙන්ම ඊයේ (18) වාර්තා වූ වෝකීටෝකි යන්ත්‍ර පිපිරීමෙන් 20දෙනෙක් මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ලෙබනනයේ බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පේජර් සහ වෝකීටෝකි යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)