colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවක්



ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබෙනවා.

එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම්ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

(colombotimes.lk)