colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ආහාර විෂ වීමකින් 500ක් රෝහලට



පොළොන්නරුව, බකමුණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක සේවක සේවිකාවන් 500කට ආසන්න ප්‍රමාණයක් ආහාර විෂ වීමක් හේතුවෙන් අද (19) රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ආහාර විෂ වීමකින් අනතුරුව ඔවුන් අද උදෑසන බකමුණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල් වලට ඇතුළත් කළ බවයි.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් බකමුණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)