colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


යුරෝපා මැතිවරණ නිරීක්ෂකයන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමු වෙයි



ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද(19) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ හමු වී තිබෙනවා.

ඒ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදීයි.

එහිදී මැතිවරණයට අදාළ කටයුතු පිළිබදව ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය සදහා රජයේ නිලධාරීන් ඇතුලු ආයතන විශාල සේවයක් ඉටුකරන බවත් ඔවුන් ඒ සඳහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම සඳහන් කළා.

(colombotimes.lk)