05 June 2025


දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (03) පවත්වා තිබෙනවා. 

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි. 
 
(colombotimes.lk)