පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේදී මතු වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සළකා බලා අනුකමිටු 6ක් පත් කිරීමට කටයුතු කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාව අමතමින්.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකතාවය පිළිබඳ අනුකමිටුව, අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව පත්කර තිබෙනවා.