colombotimes.lk
සිංහල | English

08 September 2024


ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට නව පත් කිරීමක්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබෙනවා.

එසේම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.
(colombotimes.lk)