28 January 2025


ගාල්ල බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශනයට කණ්ඩායමක්



ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එහි රැඳවියන් සිව්දෙනෙක් තුවාල ලැබුවා.

ඉන් දෙදෙනෙක් ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් තුවාල ලැබූ අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)