මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී තිබෙනවා.
නොනගතය යනුවෙන් හඳුන්වන්නේ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අන්තිම අංශක කිහිපයයි.
ඒ අනුව නොනගතය කියල කියන්නේ නැකතක් නැති අවස්ථාවක්.
මෙම නොනගත කාලයේදී සියලුම වැඩ කටයුතු අත්හැර පුණය කටයුතු නොහොත් ආගමික වතාවත්වල නියැලීම සිදු කරනු ලබනවා.
අතීතයේ මුතුන් මිත්තන් මෙම නොනගතය ගෙවී යන කාලසීමාවේදී ආගමික වතාවත්වල යෙදීමෙන් සහ පංච දැමීම, ඔළිඳ කෙළිය වැනි ජන ක්‍රීඩාවල නිරත වී තිබෙනවා.
(colombotimes.lk)