රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා.
ඒ අනුව පුත්තලම කලාපයේ පාසල් 213ක් සහ හලාවත කලාපයේ පාසල් 158ක් අද දිනයේ පමණක් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)