12 May 2025


ප්‍රදේශ රැසකට හෙට දැඩි උණුසුමක්



ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (13) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හී ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන ලෙස දැඩි උණුසුමක් පවතින බවයි.

ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

(colombotimes.lk)