19 March 2025


නාගරික හරිත කලාප ව්‍යාපෘතියක්



රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” 2ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම මාසය අවසන් වීමට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

(colombotimes.lk)