ජපානයේ සිට ගෙන්වූ වාහන 400ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව සිරවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ වාහන ආනයනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක රෙගුලාසි මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.
එක් නැවකින් ගෙන්වූ සියලු වාහන සඳහා තත්ත්ව පරීක්ෂණ වාර්තා එක සමාගමක් විසින් ලබාදී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව එම සමාගම තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිර්දේශිත සමාගම් අතරට ඇතුළත්වී නොමැති බවයි.
මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)