හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබලදීමේ චෝදනා සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)