colombotimes.lk
සිංහල | English

19 May 2024

ග්‍රාම නිලධාරීන් අදත් ලෙඩ වෙයි



ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව අද (07) දිනයේදීත් ක්‍රියාත්මක වනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්වන බවයි.

සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීම සහ වැටුප් ගැටලු පදනම් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.  
(colombotimes.lk)