19 May 2025


PHOTOS | ලොව පැරණිම ගස් පොසිල හමුවෙයි



ලොව පැරණිතම වනාන්තරයට අයත් ශාකවල පොසිල හමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම පොසිල හමු වී ඇත්තේ නිරිතදිග එංගලන්තයේ පොසිල කැණීම් භූමියකින්.

එම පොසිල ගස් අවුරුදු මිලියන 390ක් පැරණි බව තහවුරු වී තිබෙනවා.

මේ වන විට වඳ වී ගිය මෙම ඉපැරණි ගස් වර්ගය හැඳින්වෙන්නේ ක්ලැඩොක්සිලොප්සයිඩ් (Cladoxylopsids) ලෙසයි.

මෙම ගස් මීවන සහ ස්පෙනොප්සයිඩ් වැනි ශාකවලට සමීප නෑකම් දක්වන බව විද්‍යාඥයින් පවසනවා.

ක්ලැඩොක්සිලොප්සයිඩ් ගස් මීටර් 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන්න ඇතැයි ද වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)
 
rocky cliffs with pockmarks where the fossils were found
A fossil of a fallen tree trunk.
A cross section of a stump of one of the trees.
The forest floor with visible ripple marks.
Fossils of small twigs.
An illustration showing how the forest would have looked.