30 April 2025


රජය සහ විශ්‍රාමිකයන් අතර එකඟතාවයක්



විශ්‍රාමකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අතර ඊයේ (29) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යංශයේදීයි.

එම සාකච්ඡාවේදී විශ්‍රාමිකයන් මුහුණදී ඇති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි වාර්තා වන්නේ.

මෙවර රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් සංශෝධනය, 2015 සිට විශ්‍රාම වැටුප් අහිමි කිරීම සහ 1997 බී. සී. පෙරේරා කොමිසමේ නිර්දේශ හරහා ගුරු විදුහල්පතිවරුන්ට සිදුවී ඇති වැටුප් විෂමතාවය ආදී කරුණු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

මේ අතර අදාළ ගැටලුව පිළිබඳ තවත් සාකච්ඡාවක් හෙට (01) පැවැත්වීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවද සහභාගී වීමට නියමිතයි.

 
(colombotimes.lk)