30 April 2025


ජලාශ 35ක් වාන් දමයි



පවතින වර්ෂාවත් සමඟ මහා පරිමාණ ජලාශ 22ක් මේ වන විට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ ඒ අතර වන බවයි.

මධ්‍ය පරිමාණ වැව් හා ජලාශ 13ක්ද වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)