29 April 2025


රජයට රුපියල් මිලියන 400ක් පාඩු කළ ගුවන්පාලමක් ගැන බිමල් කියයි



කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ගුවන්පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුවී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (28) එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහි නිරීක්ෂණයකට එක්වෙමින්.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන්පාලම් 3න් බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිල නිවාස 6ක් කඩා ඉවත් කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර 2ක් පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබෙනවා.

(colombotimes.lk)