පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති 02ක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැයි මාසය අවසන් වීමට පෙර පුහුණවට බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.