29 April 2025


ජනපතිගේ ඉදිරි විදෙස් සංචාරය ගැන නිල ප්‍රකාශයක්



මැයි මස 3වනදා සිට ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (29) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා වියට්නාමයේ නිල සංචාරයක නිරත වන බවයි.

වියට්නාමයේදී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවත් එම යෝජනා ඊයේ (28) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)