01 July 2025

logo

කැනඩාවේ සිදු වූ අනතුරෙන් දිවි අහිමි වූ පිරිස තවත් ඉහළට



කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 11දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ජනතාව අතරට අදාළ මෝටර් රථය ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)