12 June 2025


පිපුරුණු නෞකාවේ නවතම තත්ත්වය



ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුබ්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ ඊයේ (09) අභ්‍යන්තර පිපිරීමක් සිදු වුණා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  (09) එහි ප්‍රථිඵලයක් ලෙස නෞකාවේ ගින්නක්ද ඇති වී තිබෙන බවයි. 

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේ මෙම නෞකාවේ පිපිරීම සිදු වී තිබෙනවා. 

කාර්ය මණ්ඩල සාමාජිකයන් 22දෙනෙක්ගෙන් සමන්විත වූ මෙම නෞකාවේ සාමාජිකයන් 18දෙනෙක් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

තවත් 4දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

මේ අතර නෞකාවේ තෙල් කාන්දුවක් ඇතිවීමේ අවදානම හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)