06 July 2025

logo

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි



බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙක් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක අතර ඒ අතරතුර මෙලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා.

(colombotimes.lk)