17 July 2025

logo

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට



උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ඊයේ (11) සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවා. 

ඒ පැවති අධික වර්ෂාව සමඟ එම දුම්රිය මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන්. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට එම ස්ථානය යළි පිළිසකර කර මහනුවර දුම්රිය ස්ථානය දක්වා ගමනාගමන කටයුතු යළි ආරම්භ කළ බවයි. 

(colombotimes.lk)