ඇමෙරිකානු තීරු බදු ශ්‍රී ලංකාවද ඇතුළත්ව ආසියා - පැසිෆික් කලාපයේ බොහෝ රටවල ස්වෛරී ණය මත පීඩනයක් එල්ල වනු ඇති බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසනවා.
එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ අවසානයේ රටට විශේෂිත තීරු බදු ක්‍රියාත්මක වන විට බලපෑමට ලක් වූ රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාවද සිටිනු ඇති බවයි.
නව තීරු බදු සහ ඉහළ අවිනිශ්චිතතාව හේතුවෙන් අපනයන සහ අපනයන නැඹුරු ආයෝජන පීඩාවට පත්වී තිබෙනවා.
ඒ අනුව ආසියානු ආර්ථික වර්ධනය මන්දගාමී වන බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.