2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 121ක් ලැබී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පැමිණිලි අතරට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 95ක් ඇතුළත් බවයි.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20වනදා සිට අප්‍රේල් 18වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 09ක්, නීතී උල්ලංඝණය කිරීම් 1577ක් ඇතුළු පැමිණිලි 1712ක් ලැබී තිබෙනවා.
(colombotimes.lk)