හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගල් කිහිපයක් වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් මෝටර් රථයට දැඩි හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට මෙලෙස ගල් පෙරළී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සිව්දෙනෙක් ගමන් කර ඇති අතර ඉන් කිසිම පුද්ගලයෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)