ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් අද (29) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)